ඉන්දු – ශ්‍රී ලංකා යොවුන් ආසියානු කුසලානයේ අවසන් මහා තරගය නරඹන්නේ මෙහෙමයි

Date:

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට(31) පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා ඉන්දීය යොවුන් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11ට ඩුබායි හී දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙතෙක් කිසිදු යොවුන් ආසියානු කුසලාන තරගාවලියක ශූරතාවය දිනා නොමැති බැවින් මෙම තරගය සදහා ශ්‍රී ලංකාව තරග වදින්නේ ඉතිහාසයේ පළමු වරට යොවුන් ආසියානු කුසලානයක් ජය ගැනීමේ අපේක්ෂාවෙන්.

ඔවුන් අවස්ථා 4කදී අනුශූරතාවය දිනා ඇති අතර, එම අවස්ථා හතරේ දී ම ශූරතාවය දිනා ගත්තේ ඉන්දියාවයි.

ඉන්දීය යොවුන් කණ්ඩායම මේ වන විට යොවුන් ආසියානු කුසලාන තරගාවලි 7ක ශූරතාවය දිනා ගෙන තිබෙනවා.

මෙවර තරගාවලියේ මෙතෙක් පැවැති සියලු තරග සජීවීව විකාශය කිරීමට කටයුතු නොකළ ද, අවසන් මහා තරගය ස්ටාර් ස්පෝර්ට්ස් මාධ්‍ය ජාලය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි.

ඒ අනුව අවසන් තරගය Star Sports 1/1 HD හා Star Sports Select 2/2 HD යන නාලිකා ඔස්සේ සජීවීව නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...