ක්වෙන්ටන් ඩී කොක් ටෙස්ට් පිටියට සමු දෙයි

Date:

දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩක ක්වෙන්ටන් ඩී කොක් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

මේ මොහොතේ සිට බලාත්මක වන පරිදි ඔහු ටෙස්ට් පිටියෙන් ඉවත් වීමට පියවර ගෙන ඇති බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව අද(30) ඉන්දියාව සමග නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වනු ඇති.

එම තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 113ක පරාජයක් උරුම වුණා.

සිය පවුලේ සාමාජිකයින් සමග වැඩි කාලයක් ගත කිරීමේ අරමුණින් ඩී කොක් මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ වන විට ඔහුගේ බිරිද ඔවුන්ගේ පළමු දරු උපත වෙනුවෙන් ද සූදානමින් පසුවන පසුබිමකයි ක්වෙන්ටන් ඩී කොක් මෙම තීරණය ගෙන ඇත්තේ.

29 හැවිරිදි වියේ පසුවන ඔහු 2014 වසරේ දී ටෙස්ට් වරම් දිනා ගත් අතර, මේ වන විට ටෙස්ට් තරග 54කදී ලකුණු 3,300ක් රැස් කර ගෙන ඇත්තේ 38.82 ක පිතිකරණ සාමාන්‍යයක් සටහන් කර ගනිමින්.

ටෙස්ට් ශතක 6ක් හා අර්ධ ශතක 22ක් වාර්තා කිරීමට ද ඔහු සමත්ව තිබෙනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායකයෙකු ද වන කඩුලු රකින ක්‍රීඩක ක්වෙන්ටන් ඩී කොක් දවා ගැනීම් 232ක් (උඩ පන්දු 221ක් හා ස්ටම්ප් කිරීම් 11ක්) සදහා ද ටෙස්ට් පිටියේ දී දායකත්වය ලබා දී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...