ට්‍රැවිස් හෙඩ්ට කොරෝනා ආසාදනය වෙයි ; සිව්වන අලුබදුන ටෙස්ට් තරගයත් අහිමි වෙයි

Date:

ඔස්ට්‍රේලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට ලබන 5 වනදා සිඩ්නි හී දී ආරම්භ වන සිව්වන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

වෛරසය ආසාදනය වීම නිසා ට්‍රැවිස් හෙඩ්ට දින 7ක කාලයක් මෙල්බර්න් නුවර හුදකලාව සිටීමට සිදු වනු ඇති.

අමතර ක්‍රීඩකයින් ලෙස මිචෙල් මාෂ්, නික් මැඩින්සන් හා ජොෂ් ඉන්ග්ලස් ඔස්ට්‍රෙලියානු සංචිතයට කැදවීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

අයි.සී.සී තරග තීරක ඔස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් බූන්ට ද කොවිඩ් 19 ආසාදනය වූ අතර, ඒ හේතුවෙන් ඔහුට ද සිව්වන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා එක්වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ට ද සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයට සම්බන්ධ වීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වීම හේතුවෙන්.

පසුගිය 27 වනදා සිට මේ දක්වා සිදු කර ඇති කොවිඩ් 19 පරීක්ෂණවලට අනුව මේ වන විට එංගලන්ත සංචිතයට සම්බන්ධ සාමාජිකයින් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අතරට සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු හා පවුල් සාමාජිකයින් 4 දෙනෙකු ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...