වසරේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ඔස්ට්‍රේලියාවෙන් දිමුත්ට

Date:

ඔස්ට්‍රේලියාවේ cricket.com.au වෙබ් අඩවිය විසින් වසරේ සිය ලෝක ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු හා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නයි.

මෙම වසරේ දී ද ඉතා සාර්ථක ආරම්භක පිතිකරුවෙකු බවට පත් වීමට දිමුත්ට හැකි වූ අතර, පසුගිය වසර 7ක කාලය තුළ ලෝක ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ආරම්භක පිතිකරුවා වන්නේ ද ඔහුයි.

මෙම වසරේ දී තරග 7කදී ඉනිම් 13ක් තුළ ලකුණු 902ක් රැස් කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා සමත්ව තිබෙනවා.

ඒ, 69.38 ක ඉනිමක සාමන්‍යයක් ද සටහන් කර ගනිමින්.

ශතක 4ක් හා අර්ධ ශතක 3ක් ඔහු මෙම වසරේ දී වාර්තා කළ අතර, ඉනිමකදී රැස් කළ ඉහළම ලකුණු ප්‍රමාණය වූයේ ලකුණු 244ක්.

cricket.com.au වෙබ් අඩවිය නම් කළ වසරේ ටෙස්ට් කණ්ඩායම –

1. Rohit Sharma (IND)  : M: 11 | Inns: 21 | Runs: 906 | Ave: 47.68 | 100s: 2 | 50s: 4 | HS: 161

2. Dimuth Karunaratne (SL) (c) : M: 7 | Inns: 13 | Runs: 902 | Ave: 69.38 | 100s: 4 | 50s: 3 | HS: 244

3. Marnus Labuschagne (AUS) : M: 5 | Inns: 9 | Runs: 526 | Ave: 65.75 | 100s: 2 | 50s: 4 | HS: 108

4. Joe Root (ENG) : M: 15 | Inns: 29 | Runs: 1708 | Ave: 61.00 | 100s: 6 | 50s: 4 | HS: 228 | Wickets: 14

5. Fawad Alam (PAK) : M: 9 | Inns: 13 | Runs: 571 | Ave: 57.10 | 100s: 3 | 50s: 2 | HS: 140

6. Rishabh Pant (IND) (wk) : M: 12 | Inns: 21 | Runs: 748 | Ave: 39.36 | 100s: 1 | 50s: 5 | HS: 101 | Ct: 30 | St: 6

7. Ravichandran Ashwin (IND) : M: 9 | Wickets: 54 | Ave: 16.64 | SR: 43.0 | BBI: 6-61 | BBM: 9-207 | 5W: 3 | Runs: 355 | Ave: 25.35 | 100s: 1

8. Kyle Jamieson (NZ) : M: 5 | Wickets: 27 | Ave: 17.51 | SR: 41.8 | BBI: 6-48 | BBM: 11-117 | 5W: 3 | 10W: 1

9. Axar Patel (IND) : M: 5 | Wickets: 36 | Ave: 11.86 | SR: 33.6 | BBI: 6-38 | BBM: 11-70 | 5W: 5 | 10W: 1

10. Hasan Ali (PAK): M: 8 | Wickets: 41 | Ave: 16.07 | SR: 31.0 | BBI: 5-27 | BBM: 10-94 | 5W: 5 | 10W: 1

11. Shaheen Shah Afridi (PAK) : M: 9 | Wickets: 47 | Ave: 17.06 | SR: 37.3 | BBI: 6-51 | BBM: 10-94 | 5W: 3 | 10W: 1

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...