වසරේ ICC එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම නිවේදනය කෙරේ

Date:

වසරේ අයි.සී.සී එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය අද(30) පස්වරුවේ ප්‍රකාශයට පත් කළා.

නිර්දේශිත නාම 4ක් ඊට ඇතුළත් අතර, එම නම් අතරට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.

බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන්, පාකිස්තානයේ බබාර් අසාම්, දකුණු අප්‍රිකාවේ ජනෙමන් මලාන් හා අයර්ලන්තයේ පෝල් ස්ටර්ලින්ග් අදාළ සම්මානය සදහා වන නිර්දේශිත නාම අතරට ඇතුළත්.

වසරේ එක්දින ක්‍රීඩකයා ඇතුළු සෙසු ප්‍රධාන අයි.සී.සී සම්මාන (පිරිමි අංශයේ) හිමි කර ගත් ක්‍රීඩකයින්ගේ නම් ජනවාරි 24 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග, එංගලන්ත කඩුලු රකින පිතිකරු ජොස් බට්ලර්, ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් හා පාකිස්තාන කඩුලු රකින පිතිකරු මොහොමඩ් රිස්වාන් වසරේ අයි.සී.සී පන්දුවාර 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා ඊයේ(29) නිර්දේශ කෙරුණා.

ඊට පෙර වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි නිර්දේශිත නාම ද ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළ අතර, ඊට ඇතුළත්ව ඇත්තේ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න, එංගලන්ත නායක ජෝ රූට්, ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් හා නවසීලන්තයේ ක්යිල් ජමීසන් යන ක්‍රීඩකයින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...