පාකිස්තානය පරදා පෙරලිකාර ජයක් ලැබූ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

Date:

යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(30) සමත් වුණා.

ඒ, ඩුබායිහි පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන යොවුන් කණ්ඩායම පරදා ලකුණු 22ක තියුණු ජයක් වාර්තා කරමින්.

කාසියේ වාසිය දිනා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 44.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

ශ්‍රී ලංකා මුල් පෙල හා මැද පෙල පිතිකරුවන් සියලු දෙනාම පාහේ මෙම තරගයේ දී අසාර්ථක වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය යසිරු රොද්‍රිගෝ නොදැවී ලකුණු 31ක් හා මතීෂ පතිරණ ලකුණු 31ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සීෂන් සමීර් ලකුණු 32කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 49.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

අහ්මඩ් ඛාන් ලකුණු 36ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ට්‍රෙවීන් මැතිව් ලකුණු 14කට කඩුලු 4ක් දවා ගත් අතර, දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේ දී, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශය ලකුණු 103කින් පරාජය කළ ඉන්දියාව සමගින් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...