ජොෆ්ර ආචර් තවදුරටත් ක්‍රිකට් පිටියෙන් ඉවතට

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට තවත් සැලකිය යුතු කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබෙනවා.

ඔහු දකුණු වැලමිටෙහි ආබාධ තත්ත්වයකින් පසුවන අතර, පසුගිය 11 වනදා දකුණු වැලමිටෙහි දෙවන ශල්‍යකර්මයට ද ඔහු ලන්ඩන් නුවර දී මුහුණ දුන් බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආචර් මීට පෙර පසුගිය මැයි මාසයේ දී ද වැලමිට ප්‍රදේශයේ ශල්‍යකර්මයකට මුහුණ දුන්නා.

ඒ හේතුවෙන් ඔහුට මෙවර එංගලන්ත ගිම්හාන තරග වාරයම ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

එමෙන්ම 20යි 20 ලෝක කුසලානය මෙන්ම අලුබදුන තරගාවලිය ක්‍රීඩා කිරීමට ද ඔහුට නොහැකි වුණා.

එම ආබාධය හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වෙන තරග රැසක් සදහා ද ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...