“ලොකු රහසක් නෑ” : භානුක රාජපක්ෂ අවසන් තරගය ගැන කතා කරයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තරග තුනකදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කළ ද පසුගිය තරග වාරයේ ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කිසිසේත් අවතක්සේරු කළ නොහැකි බව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ පවසනවා.

හෙට පැවැත්වෙන එල්.පී.එල් තරගාවලියේ අවසන් තරගය සම්බන්ධයෙන් අද(22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙවර තරගාවලියේ දී ජැෆ්නා කිංස්ග් කණ්ඩායම පරාජයට පත් කළ එකම කණ්ඩායම බවට පත්ව සිටින්නේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වන අතර, හෙට දිනයේ දී එම කණ්ඩායම් දෙක අවසන් මහා තරගයේ දී යළි එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.

“අපි හොද ක්‍රිකට් සෙල්ලම් කරා. අපි දැනගත්තා ජැෆ්නා කියන්නේ තරගාවලියේ ඉන්න හොදම කණ්ඩායමක්. අපියි ජැෆ්නයි තමයි හොදම කණ්ඩායම් දෙකට ඉන්නේ. ඉති අපි දැන ගත්තා දවස අනුව හොද දේවල් කරන එකත් එක්ක තරග ජයග්‍රහනය කරන එක ලේසියි කියලා.”

යනුවෙන් භානුක රාජපක්ෂ කියා සිටියා.

“අපි පළමුවෙන් පන්දුවට පහර දුන්න නිසා ලොකු ටෝටල් එකක් දාන්න පුලුවන් වුණා මැච් දෙකක. දෙවැනි මැච් එකේ අඩු ලකුණු ගානකට දැවී ගිහිල්ලත් පන්දු යවන්නන් දක්වපු දක්ෂතා නිසා දිනන්න ලේසි වුණා. ලොකු රහසක් නෑ. අපි හොද ක්‍රිකට් සෙල්ලම් කරා. ඒක තමයි ජයග්‍රහනය කරන්න එකම හේතුව.” 

හෙට පැවැත්වෙන මෙවර එල්.පී.එල් තරගාවලියේ අවසන් තරගයේ දී සිය කණ්ඩායමේ වෙනසක් සිදු වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බවත්, අද පස්වරුවේ පැවැත්වෙන පුහුණු සැසියෙන් අනතුරුව ඒ පිළිබද තීරණය කරන බවත් භානුක රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සදහන් කළා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය හෙට(23) රාත්‍රී 7.30ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...