මෙවර LPL පිටියේ වැඩිම ලකුණුලාභීන් 6 දෙනා ; සෝල්ට්, මෙන්ඩිස් අතර තියුණු සටනක්

Date:

LPL හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර නිමා වීමට තවත් ඇත්තේ එක් තරගයක් පමණයි.

නව ශුරයකු බිහිවනවාද ? එසේත් නොමැති නම් පසුගියවර ශූරයින් මේ වසරේදීත් ශූරතාවයට උරුමකම් කියනවාද ? යන ප්‍රශ්නයට පිළිතුර හෙට පැවැත්වෙන අවසන් මහා තරගය අවසානයේදි ලැබෙනු ඇති.

අවසන් තරගයේ දී මෙවර ද තරග වදින්නේ පසුගියවර ශූරයින් හා අනුශූරයින් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

මෙවර තරගාවලිය යටතේ මේ දක්වා පවත්වා නිම කර ඇති තරග ගණන 23 ක්.

එම තරග 23 අවසන් වන විට තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 06 දෙනා පිළිබඳ ඔබව දැනුවත් කිරීමට Hitwicket.lk අප තීරණය කළා.

එම පිතිකරුවන් 06 දෙනා මෙසේයි. –

06. ඇන්ජලෝ මැතිව්ස් : කලම්බු ස්ටාර්ස්

ක්‍රිඩා කර ඇති තරග ගණන 05 ක්. ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 191 ක්. පිතිකරණ සාමාන්‍ය 47.75 ක්.

05. ටොම් කොලර් – කැඩ්මෝ : ජැෆ්නා කිංග්ස්

ක්‍රිඩා කර ඇති තරග ගණන 10 ක්. ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 239 ක්. පිතිකරණ සාමාන්‍ය 26.56 ක්.

04. අවිශ්ක ප්‍රනාන්දු : ජැෆ්නා කිංග්ස්

ක්‍රිඩා කර ඇති තරග ගණන 09 ක්. ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 249 ක්. පිතිකරණ සාමාන්‍ය 31.12 ක්.

03. දිනේෂ් චන්දිමාල් : කලම්බු ස්ටාර්ස්

ක්‍රිඩා කර ඇති තරග ගණන 09 ක්. ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 277 ක්. පිතිකරණ සාමාන්‍ය 46.16 ක්.

02. කුසල් මෙන්ඩිස් : ගෝල් ග්ලැඩියේටර්ස්

ක්‍රිඩා කර ඇති තරග ගණන 09 ක්. ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 288 ක්. පිතිකරණ සාමාන්‍ය 36.0 ක්.

01. පිල් සෝල්ට් : දඹුල්ල ජයන්ට්ස්

ක්‍රිඩා කර ඇති තරග ගණන 10 ක්. ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 301 ක්. පිතිකරණ සාමාන්‍ය 30.10 ක්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...