ටෙස්ට් හා 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ වෙනස් වෙයි

Date:

නවතම අයි.සී.සී පන්දුවාර 20යි 20 හා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය අද(22) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් සමත්ව සිටිනවා.

එංගලන්තයට එරෙහි අලුබදුන ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙකේ දී දැක් වූ දක්ෂතා මතයි ඔහු මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි පළමු වරට පෙරමුණ හිමි කර ගෙන ඇත්තේ.

ලබුෂේන්ට මේ වන විට ශ්‍රේණිගත ලකුණු 912 ක් හිමිව ඇති අතර, මෙතෙක් පෙරමුණේ පසු වූ එංගලන්ත නායක ජෝ රූට් මේ වන විට ශ්‍රේණිගත ලකුණු 897ක් හිමි කර ගනිමින් දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

අලුබදුන තරගාවලිය ආරම්භයේ දී මර්නස් ලබුෂේන් සිව්වන ස්ථානයේ රැදී සිටි අතර, පළමු ටෙස්ට් තරගයෙන් පසුව ඔහු දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණා.

ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න තවදුරටත් 8 වන ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 9 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත්ව තිබෙනවා.

ඔහු ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 6 වැනි ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්.

මේ අතර, පාකිස්තානයේ බබාර් අසාම් යළිත් වරක් 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ, පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය අහිමි වී සතියක් ගතව තිබූ පසුබිමකයි.

කෙසේ වෙතත්, ඔහුගේ හා එංගලන්තයේ ඩාවිඩ් මලාන්ගේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය මේ වන විට සමාන මට්ටමකයි (805) පවතින්නේ.

පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 3 වන ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...