මාලිංග පෙම්වතිය සමග තරගයකදී කැමරාවට හසු වූ හැටි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියක් 2008 වසරේදී පැවැත්වුණා.

එම තරගාවලිය තරග 3 – 2 ක් ලෙස ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායමයි.

ඔවුන් මෙරට දී ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවට එරෙහිව ජය ගත් පළමු අවස්ථව ලෙසයි එම තරගාවලිය ඉතිසාහයට එක් වුණේ.

තරගාවලියේ හතරවන තරගය අගෝස්තු 26 වන දින පැවැත්වීමට නියමිතව තිබුණත් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය එදිනට අත්හැර දැමීමට සිදුවුණා.

එම තරගාවලියට ලසිත් මාලිංග ක්‍රීඩා කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ක්‍රීඩකයන් විවේකාගාරයේ සිටින අතරවාරයේ මාලිංග සිය පෙම්වතිය සමග එම තරගය නැරඹීමට පැමිණ සිටියදී කැමරා කාචයට හසුවීමත් සමග සහෝදර ක්‍රීඩකයන් දැක්වූ විනෝදාත්මක ප්‍රතිචාරය කාගෙත් ආකර්ෂණයට ලක්වුණා. (එම අවස්ථාවට අදාළ වීඩියෝ දර්ශනය පහතින්)

පසුව එම තරගය ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදීම නැවත ක්‍රීඩා කළ අතර එහිදී ශ්‍රී ලංකා පිල ලකුණු 46 කින් පරාජය කිරීමට ඉන්දීය පිල සමත්වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...