නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය මෙවරත් පොලාඩ්ට

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙවර තරග වාරයේ දී ද ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරිමේ වගකීම කොදෙව් නායක කිරන් පොලාඩ්ට හිමිව තිබෙනවා.

නිත්‍ය නායකයා වූ ඩ්වේයන් බ්‍රාවෝට පසුගිය වසරේ තරග වාරය ආබාධයක් හේතුවෙන් අහිමි වීම පදනම් කර ගනිමින් පෝලාඩ් කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරුණු අතර, ඔහු එම වසරේ දී නයිට් රයිඩර්ස් කණ්ඩායම අවසන් වටය දක්වා රැගෙන යාමට සමත් වුණා.

ඩ්වේයන් බ්‍රාවෝ 2017 සහ 2018 වසරවලදී කණ්ඩායමේ නායකත්වය දරමින් කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාවය ද නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමි කර දීමට සමත් වුණා.

කෙසේ වෙතත්, ඔහු ඉදිරියේ දී ක්‍රීඩකයෙකු ලෙස සිය දක්ෂතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කර ඇති බව සදහන්.

බ්‍රාවෝ ඉදිරියේ දී කණ්ඩායම් උප නායකයා ලෙස කටයුතු කරනු ඇති.

මෙවර CPL තරගාවලිය එළඹෙන 18 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...