ශ්‍රී ලංකා, කොදෙව් තරගාවලි දින නියමයක් නැතිව කල් දැම්මා – දකුණු අප්‍රිකා ක්‍රිකට්

Date:

දකුණු අප්‍රිකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරග සංචාර දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

කොදෙව් සංචාරය ජූලි – අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, එහිදී ටෙස්ට් තරග 2ක් සහ 20යි 20 තරග 5ක් පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

ශ්‍රී ලංකා සංචාරය ජූනි මාසයේ දී සිදු කිරීමට නියමිතව තිබුණා.

එහිදී එක්දින සහ 20යි 20 තරග 3 බැගින් පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

අදාළ තරග සංචාර ද්විත්වයම මේ වන විට දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති බවයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රෑම් ස්මිත් සදහන් කළේ.

දකුණු අප්‍රිකා තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට අවධානය යොමුව ඇති බව මීට පෙර කෙදෙව් ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

නමුත් CPL තරගාවලිය සැප්තැම්බර් 10 වනදා අවසන් වී සැප්තැම්බර් 19 වනදා IPL තරගාවලිය ආරම්භ වන බැවින් කඩිනමින් ද්විපාර්ශ්වික තරගාවලියක් සංවිධාන කිරීමේ අවස්ථාව තවදුරටත් අහිමි වී තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් මාසයේ සිට දකුණු අප්‍රිකා කණ්ඩායමට ඉතා කාර්ය බහුල කාලයක් උදා වනු ඇති බවයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රෑම් ස්මිත් වැඩිදුරටත් කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...