IPL තරගාවලියේ දින සහ ක්‍රීඩාංගන තීන්දු වෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දින සහ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන පිළිබද අයි.පී.එල් පාලක සභාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ(2) පැවැති පාලක සභා රැස්වීමකින් පසුවයි.

ඒ අනුව මෙවර තරගාවලිය ඉන්දීය රජයේ අනුමැතියට යටත්ව සැප්තැම්බර් 19 වනදා සිට නොවැම්බර් 10 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට මෙහිදී එකගතාවයට එළඹ ඇති බව සදහන්.

දින 53ක් පුරා පැවැත්වෙන තරගාවලියේ සියලු තරග සාජා, ඩුබායි සහ අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතයි.

එහිදී දිවා තරග 10ක් පැවැත්වෙන අතර, එම තරග මෙරට වේලාවෙන් 15:30ට ආරම්භ වනු ඇති.

සවස් කාලයේ දී පැවැත්වෙන තරග ආරම්භ වන්නේ 19:30 ටයි.

අයි.පී.එල් තරගාවලියට සමගාමීව කාන්තා තරගාවලියක් ද Women’s T20 Challenge නමින් මෙවරත් පැවැත්වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීම එම තරගාවලිය පැවැත්වෙන අතර, ඊට කණ්ඩායම් 3ක් එක් වන බවත්, තරග 4ක් පැවැත්වෙන බවත් අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළා.

තරගාවලියට එක් වන කණ්ඩායම්හි කළමණාකාරීත්වය සමග රැස්වීමක් ද කඩිනමින් සංවිධාන කරන බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් JAY SHAH නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...