ඩිල්ෂාන්ගේ දෙවැනි එක්දින කඩුල්ලෙන් තහවුරු වූ ආසියානු කුසලානය

Date:

ශ්‍රී ලංකාව විසින් අවසන් වරට මව්බිමේදී ආසියානු කුසලානයක් ජයග්‍රහණය කරනු ලැබුවේ මීට වසර 16 කට පමණ පෙරයි.

එනම්, 2004 වසරේ දී යි.

අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර 2004 වසරේ අගෝස්තු මස පළවෙනි දා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාපිටියේදීයි පැවැත්වුණේ.

මෙම තරගය සදහා ඉන්දියාව වෙනුවෙන් වමත් වේග පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කළ අතර, එවැන්නක් ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ සිදු වූ පළමු අවස්ථාව ලෙසයි මෙම තරගය සැලකෙන්නේ.

එමෙන්ම මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරමින් සචින් තෙන්ඩුල්කාර්ගේ කඩුල්ල දවා ගැනීමට යොවුන් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සමත් වුණ් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රීඩා දිවියේ දෙවැනි කඩුල්ල බවට එය පත් කර ගනිමින්.

මේ ආවර්ජනය ඒ තරගය පිළිබදවයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් නායක මාවන් අතපත්තු ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරණ යුගලයට සාර්ථක සබදතාවක් ගොඩනැගීමට ඉන්දීය පන්දුවන්නන් අවස්ථාව ලබාදුන්නේ නැහැ.

සනත් ජයසූරීය ලකුණු 15 කට ද අවිශ්ක ගුණවර්ධන ලකුණු 8 කටද මෙම තරගයේ දී දැවී ගියා.

ඉන් අනතුරුව පිටියට පිවිසී නායක මාවන් අතපත්තු හා කුමාර් සංගක්කාර තෙවන කඩුල්ලට ලකුණු 116 ක සබදතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

සංගක්කාර ලකුණු 53 ක් ලබා සිටියදී දැවීගිය අතර මාවන් අතපත්තු ලකුණු 65 ක් ලබාගත්තේ හතරේ පහරවල් 8 ක් සමගින්.

තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 22 ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දුවාර 50 තුල දී කඩුලු 9ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 228 ක්.

ලකුණු 229 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසී ඉන්දීය පිතිකරුවන්ට සාර්ථක ලකුණු හඹායාමක නිරත වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් කිසිදු අවස්ථාවක් ලබාදුන්නේ නැහැ.

ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක් වෙමින් හුදකලා ඉනිමක් දියත් කල සචින් තෙන්ඩුල්කාර්ව ලකුණු 74 කදී දවාගැනීමට තිලකරත්න ඩිල්ෂාන් සමත්වුණා.

සහීර් ඛාන් ලකුණු 28 ක් රැස්කළ අතර සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 16 සීමාව පසුකර යාමට අවස්ථාවක් ශ්‍රී ලංකා පන්දුයැවීමේ බලඇණිය ලබාදුන්නේ නැහැ.

විශිෂ්ඨ පන්දුවාර දහයක් ක්‍රියාත්මක කල උපුල් චන්දන ලකුණු 33 ක් පමණක් ලබාදී කඩුලු 3 ක් බිඳ හෙලුවා.

සනත් ජයසූරිය කඩුලු 2 ක් බිඳ හෙලද්දී චමින්ද වාස්, නුවන් සොයිසා හා තිලකරත්න ඩිල්ශාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

එලෙසින් ඉන්දියාවට එරෙහිව ලකුණු 25 ක විශිෂ්ඨ ජයක් වාර්තා කල ශ්‍රී ලංකා කණ්ඩායම 2004 වසරේදී ආසියානු ශූරයන් බවට පත්වුණා.

ඩිල්ෂාන් විසින් තෙන්ඩුල්කාර්ගේ කඩුල්ල දවා ගත් අවස්ථාව පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...