බෙයාර්ස්ටව්ගේ වාර්තාගත අර්ධ ශතකයෙන් එංගලන්තයට තරගාවලියේ ජය – Match Report

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් ඔවුන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

සවුත්හැම්ටන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 212ක් ලබා ගත්තා.

පළමු තරගයේ දී නොදැවී අර්ධ ශතකයක් වාර්තා කළ Curtis Campher මෙම ඉනිමේ දී ද ලකුණු 68ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 32.3ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජොනී බෙයාර්ස්ටව් පන්දු 41කින් ලකුණු 82ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් ඇතුළත්.

ජොනී බෙයාර්ස්ටව් පන්දු 21කින් සිය අර්ධ ශතකය වාර්තා කළ අතර, එය එංගලන්තය වෙනුවෙන් පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමක් ද වනවා.

පන්දු යැවීමේ දී Josh Little කඩුලු 3ක් බිද හෙලුවා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය ලබන 4 වනදා සවුත්හැම්ටන් හී දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...