ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 20යි 20 තරගාවලියක්

Date:

බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් ද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතනවල අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග 3ක් ක්‍රීඩා කිරීම සදහායි බංග්ලාදේශය දිවයිනට පැමිණීමට මීට පෙර නියමිතව තිබුණේ.

ජූලි මසයේ දී මෙම තරග සංචාරය සිදු කිරීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමුණා.

ඒ අනුව මෙම තරග සංචාරය ඉදිරි දිනකදී සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදු වන අතර, සංචාරය සදහා පන්දුවාර 20යි 20 තරග 3ක් ද ඇතුළත් කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

ඒ, පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලය ගත් තීරණය ද පදනම් කර ගනිමින්.

මේ අතර, බංග්ලාදේශ ක්‍රීඩකයින්ට මෙරටට පැමිණිමේ දී දින 14ක නීරෝධායන කාලයක් ගත කිරීමේ අවශ්‍යතාවය ද ඇති නොවනු ඇති බව සදහන්.

කෙසේ වෙතත්, බංග්ලාදේශ කණ්ඩායමට පුහුණු තරග ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ලබා දීමට කටයුතු නොකරනු ඇති බවත්, ඒ හේතුවෙන් එරටින් ඉහළ දක්ෂතා වර්ධන කණ්ඩායමක් මෙරටට පැමිණ බංග්ලාදේශ සංචිතයේ ක්‍රීඩකයින් සමග පුහුණු තරගයක් ක්‍රීඩා කරනු ඇති බවත් සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...