මාලිංගගේ මාරාන්තික බවුන්සර් පන්දුව

Date:

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබද මේ වන විට දැඩි කතා බහක් ඇතිව තිබෙනවා.

ඒ, ඊට අදාළ දින මේ වන විටත් ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන්.

මෙහි පළමු අදියර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් නමින් පැවැත්වුණේ 2012 වසරේ දියි.

එහිදී සිදු වූ අනතුරක් පිළිබදවයිමේ සටහන.

තරගාවලිය අතරවාරයේ බස්නාහිර ඩන්ඩී කණ්ඩායම හා රුහුණු රෝයල්ස් කණ්ඩායම අතර පැවති තරගයකදී බස්නාහිර කණ්ඩායම නියෝජනය කරමින් පිතිකරණයේ නිරත වෙමින් සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩක රිලී රෝසෝව් තමයි මේ භයානක අනතුරට මුහුණ දුන්නේ.

රුහුණු කණ්ඩායම නියෝජනය කරමින් පන්දු යවමින් සිටි ලසිත් මාලිංග එවූ කෙටි පන්දුවක් රූසෝගේ මුහුණේ ගැටීමෙන‍් මෙම අනතුර සිදු වුණා.

පැයට කිලෝමීටර 141 ක වේගයකින් පැමිණි එම පන්දුව හිස් ආවරණේ ඉදිරි පස සහ නාසයේ ගැටී පිතිකරුවා පිටිය තුල ඇදවැටුණු අතර නාසය බිඳි ලේ ගැලීමක් ද සිදුවුණා.

විගසම පිතිකරුවා අසළට ගොස් ඔහුට ප්‍රතිකාර කිරීම සදහා වෛද්‍ය කණ්ඩායම් කටයුතු කළා.

පිටියතුල සිදුකල ප්‍රතිකාරවලින් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා අවාසනාවන්ත ලෙස පිටියෙන් නික්‍මයෑමට රූසෝ හට සිදුවුනා.

පසුව ඔහුට මැහුම් තුනක් පමණ යෙදීමට සිදුව තිබූ බවටයි වාර්තා වුණේ.

ඊට අදාළ වීඩියෝ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...