ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා නිවේදනය කෙරේ

Date:

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස භානුක රාජපක්ෂ පත් කර තිබෙනවා.

ඒ, ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන්.

පසුගිය තරග වාරයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ශහිඩ් අෆ්රිඩි විසින් මෙහෙය වූ අතර, තරගාවලිය අතරතුර දී ඔහු යළි පාකිස්තානය බලා පිටත්ව යාම හේතුවෙන් තරගාවලියේ අවසන් තරග කිහිපය භානුක රාජපක්ෂ විසින් මෙහෙයවනු ලැබුවා.

මෙවර LPL තරගාවලියේ දී කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජෙලෝ පෙරේරා කටයුතු කරන බව ඊයේ(30) නිවේදනය කෙරුණා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා ද, දඹුල්ල ජයින්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක ද, කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් ද පත් කර තිබෙනවා.

මේ අතර, දඹුල්ල ජයින්ට්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ස්ටුවර්ට් ලෝ පත් කර ඇති බවයි දඹුල්ල කණ්ඩායම නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...