දෙවැනි ඉනිම ආරම්භයේ දී ම දුවද්දී දැවී යාම් දෙකක් ; ශ්‍රී ලංකාව ලකුණු 3ක් පිටුපසින්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(1) නිමා වුණේ තරගයේ පාලනය කණ්ඩායම් දෙකටම දෝලනය කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 46ක් ලබා සිටියා.

ඉනිමේ පළමු කඩුලු දෙක වශයෙන් දිමුත් කරුණාරත්න ලකුණු 6කට හා ඕෂද ප්‍රනාන්දු ලකුණු 14කට දුවද්දී දැවී යාම්වලට හසු වීම විශේෂත්වයක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 21ක් හා චරිත් අසලංක ලකුණු 4ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භ කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 253කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 72ක් රැස් කළ අතර, ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 44යි.

ක්යිල් මේයර්ස් නොදැවී ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුණා. කෘමා බෝනර් ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු කඩුලු පහේ අවස්ථාව සනිටුහන් කරමින් ලකුණු 70කට කඩුලු 6ක් දවා ගත්තා.

ලසිත් ඇඹුල්දෙණිය හා ප්‍රවීන් ජයවික්‍රම අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරුදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 204ක් පමණයි.

ඒ අනුව කොදෙව් පළමු ඉනිම අවසන් වන විට ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 49ක් ඉදිරියෙන් පසුවුවද, මේ වන විට ශ්‍රී ලංකාව පිටුපසින් පසුවන්නේ ලකුණු 3ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...