දිමුත් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි යළි පළමු 10 දෙනා අතරට

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(1) ප්‍රකාශයට කළා.

ඒ අනුව එහි පිතිකරණ අංශයේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබීම විශේෂත්වයක්.

මීට පෙර ඔහු ශ්‍රේණිගත කිරීම්හි 11 වන ස්ථානයේ රැදී සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි දිමුත් මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4කින් ඉදිරියට පැමිණ ඇත්තේ.

දිමුත්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 772ක්.

ශ්‍රේණිගත ලකුණු 903කට හිමිකම් කියන එංගලන්තයේ ජෝ රූට් තවදුරටත් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

මේ අතර, ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, නවසීලන්තයේ කේන් විලියම්සන් තෙවැනි ස්ථානය දක්වා ස්ථානයකින් පසු බැස තිබෙනවා.

නවසීලන්තයේ ටොම් ලේතම් 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 5කින්.

මේ අතර, පාකිස්තානයේ ශහීන් අෆ්රිඩි පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

නවසීලන්තයේ ක්යිල් ජමීසන් එහි 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 6කින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...