ජමීසන්ගේ සුපිරි පන්දු යැවීමෙන් පසු අයියර් හා ජඩේජා ඉන්දියාව ස්ථාවර කරයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර කන්පූර්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(25) නිමා වුණා.

ඒ වන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 258ක්.

ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ මයාන්ක් අගාර්වල් හා ෂුබ්මන් ගිල් පළමු කඩුල්ලට ලකුණු 21ක සබදතාවයක් ගොඩ නැගූ අතර, එම සබදතාවය බිද වැටුණේ ක්යිල් ජමීසන් විසින් අගාර්වල්ගේ කඩුල්ල ලකුණු 13ක් ලබා සිටියදී දවා ගැනීමත් සමගයි.

චෙටස්වර් පුජාරා ලකුණු 26කටත්, අජින්කෙයා රහානේ ලකුණු 35කටත් දැවී ගියා.

ෂුබ්මන් ගිල් අද වාර්තා කළේ සිය සිව්වන ටෙස්ට් අර්ධ ශතකයයි.

ඔහු ලකුණු 52ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 5ක් සමගින්.

සිව්වන කඩුල්ල ලකුණු 145 දී බිද වැටුණු අතර, අනතුරුව ෂ්රෙයස් අයියර් හා රවීන්ද්‍ර ජඩේජා 5 වන කඩුල්ල වෙනුවෙන් නොබිදුණු ලකුණු 113ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අයියර් නොදැවී ලකුණු 75ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමගින්.

හතරේ පහර 6ක් සමගින් ජඩේජා නොදැවී ලකුණු 50යි. එය ඔහු වාර්තා කළ 17 වන ටෙස්ට් අර්ධ ශතකය වනවා.

පන්දු යැවීමේ ක්යිල් ජමීසන් සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරමින් ලකුණු 47කට කඩුලු 3ක් දවා ගත්තා.

ටිම් සවුති ලකුණු 43කට බිද හෙලූ කඩුලු ගණන 1ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...