දෙවැනි තරගයට එක් වෙනසක් සිදු විය හැකියි – දිමුත්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ඇතැම් විට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 187ක ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඒ අනුව ඇතැම් විට වේග පන්දු යවන්නෙකු වෙනුවට තවත් අමතර පිතිකරුවෙකු කණ්ඩායමට කැදවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි දිමුත් කියා සිටියේ.

මේ අතර, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට තුළ පැවැත්වෙන ටෙස්ට් තරග ජය ගැනීම අතිශය වැදගත් බව ද දිමුත් කියා සිටියා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 29 වනදා ගාල්ල ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතයි.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...