ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත්ව සිටිනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද(25) නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 187ක ජයග්‍රහනයත් සමගයි.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය එයයි.

එම තරගයෙන් ලැබූ ජය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රසාද ලකුණු 12ක් හිමිව තිබෙනවා.

ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ දී ද ප්‍රසාද ලකුණු සටහන සකස් කරනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත නොව ඊට අදාළ ප්‍රතිශතය අනුවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජයග්‍රහන ප්‍රතිශතය මේ වන විට 100%ක් වන බැවින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගෙන තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...