අවසන් පන්දුවාරයේ දැවැන්ත හයේ පහරකින් මැතිව්ස් ශ්‍රී ලංකාවට ජය ගෙන ආ තරගය

Date:

ඇන්ජෙලෝ මැතිව්ස් යනු මේ වන විටත් ලොව සිටින දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බව නොරහසක්.

විවිධ ආබාධ ඔහුගේ ක්‍රීඩා ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කළ නමුත්, එම සියලු අභියෝග ජය ගනිමින් ඔහු ශ්‍රී ලංකා පිලට ලෝකය හමුවේ ගෙන දුන් ජයග්‍රහන ප්‍රමාණය මෙතරම්යැයි කිව නොහැක.

ඇතැම්විට පරාජය ලබන්නට ගිය තරග ජයග්‍රහනය කරා රැගෙන යාමට මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා සමත් වූ බව අපට මතකය.

මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලසිත් මාලිංග සමග එක් වී පරාජය පෙනී පෙනී තිබූ තරගයක් ජයග්‍රහනය කරා රැගෙන යාම ඊට එක් නිදසුනක්.

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය ද අවසන් මොහොතේ ජයග්‍රහනය කරා රැගෙන ගියේ ඇන්ජෙලෝ මැතිව්ස්.

එබැවින් ඔහු මෙරටින් මෑතකදී බිහි වූ ඉනිම් අවසන් කළ හැකි දක්ෂ පිතිකරුවෙකු ලෙස හැදින්විය හැකියි.

ඔහු එලෙස ශ්‍රී ලංකාවට ජයග්‍රහනය ගෙන ආ තවත් තරගයක් පිළිබදවයි මේ ආවර්ජනය.

තරගය පැවැත්වුණේ 2012 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පාකිස්තානයට එරෙහිවයි.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 15ක්.

ඉනිමේ කඩුලු 8ක්ම දැවී ගොස් අවසන්.

ඒ අනුව මිලියන 21ක ජනතාවකගේ සියලු අපේක්ෂා මැතිව්ස්ගේ කර මතය.

ඒ සියලු බලාපොරොත්තු කඩ වීමට ඉඩ නොතැබූ මැතිව්ස් අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුවට කෙලින්ම පන්දු යවන්නාට ඉහළින් දැවැන්ත හයේ පහරක් එල්ල කළේ තරගයේ ජයග්‍රහනයේ වැඩි බලාපොරොත්තු ශ්‍රී ලංකාවට ලබා දෙමින්.

අවසානයේ තරගය නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව තරගය ජය ගන්නේ මැතිව්ස්ගේ පිත්තෙන්ම වාර්තා වූ අලංකාර හතරේ පහරකින්.

ඒ වන විට මැතිව්ස් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 80ක්

අවසන් පන්දුවාරයේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...