ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය එළි දකියි

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය ( ICC Men’s Cricket World Cup Super League) අද(27) නිල වශයෙන් හදුන්වා දුන්නා.

එය ජූලි 30 වනදා සිට ආරම්භ වන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඒ, එදින ආරම්භ වන එංගලන්ත – අයර්ලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියත් සමගයි.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් සුදුසුකම් ලබා ගනු ලබන්නේ මෙම ලීග් ක්‍රමවේදය තුළින්.

එහි පළමු ස්ථාන 7 හිමි කර ගන්නා කණ්ඩායම් 2023 ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි ඉන්දියාව සමග ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගනු ඇති.

පළමු වරට හදුන්වා දුන් මෙම පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය සදහා කණ්ඩායම් 13ක් එක්වනවා.

ඒ, ටෙස්ට් වරම් හිමි රටවල් 12 සහ නෙදර්ලන්තයයි.

ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය තුළ දී සෑම කණ්ඩායමක්ම තම රටේ දී සහ ප්‍රතිවාදී රටේ දී තරග 3කින් යුත් එක්දින තරගාවලි 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එක් ජයග්‍රහනයක් වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 10ක් හිමි වන අතර, ලකුණු සම වීමකදී හෝ විසදුමක් නොමැතිව තරග අවසන් වූ විට ලකුණු 5ක් ද හිමි වනවා.

2023 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 10ක් එක් වීමට නියමිත අතර, ඒ අනුව සුපර් ලීගයේ අවසන් ස්ථාන 5 හිමි කර ගන්නා කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම් දෙක වෙනුවෙන් යළි තරග වැදීමට නියමිතයි.

ඒ සදහා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සංවිධාන කෙරෙන අතර, ඊට ටෙස්ට් වරම් හිමි වී නොමැති කණ්ඩායම් කිහිපයක් ද වෙනත් සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් සුදුසුකම් ලබා එක් වනු ඇති.

මෙම සුපර් ලීග් ක්‍රමවේදය පසුගිය මැයි මාසයේ දී ආරම්භ කිරීමට නියමිත වූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය කල් දැමීමට සිදු වුණා.

මෙහි ඉදිරි තරග කාලසටහන සාමාජික රටවල් සමග සාකච්ඡා කර නිකුත් කරන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...