බංග්ලාදේශ ක්‍රීඩකයාට වසර දෙකක ක්‍රිකට් තහනමක්

Date:

බංග්ලාදේශ පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කසී ඉස්ලාම්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු ජාතික ක්‍රිකට් ලීගය අතරතුර දී තහනම් උත්තේජක ලබා ගැනීමේ සිද්ධියකට වරදකරු වීම හේතුවෙන්.

ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට පරීක්ෂණවලින් අණාවරණය වූයේ 2018 වසරේ නොවැම්බර් මාසයේ දීයි.

අනතුරුව ඔහු වරද පිළිගත් අතර, 2019 පෙබරවාරි මාසයේ දී තාවකාලික තරග තහනමක් පනවනු ලැබුවා.

ඒ අනුව එම තහනම ආරම්භ වූ පෙබරවාරි 8 වනදා සිට වසර දෙකක් කාලයක් බලපැවැත්වෙන පරිදියි මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔහුට තරග තහනමක් පනවා ඇත්තේ.

2021 වසරේ පෙබරවාරි 7 වනදායින් පසුව කසී ඉස්ලාම්ට යළි ක්‍රිකට් ක්‍රීඩාව හා එක් වීමේ අවස්ථාව පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...