කොදෙව්වන් ජයග්‍රහනයට ලකුණු 389ක් පිටුපසින් – Day 3 Report

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර්හි පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද(26) නිමා වුණා.

දිනය නිමා වන විට ලකුණු 399ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව්වන් කඩුලු 2ක් දැවි ලකුණු 10ක් ලබා සිටියා.

ජෝන් කැම්ප්බෙල් ලකුණු නොලබා දැවී ගිය අතර, රාත්‍රී රැකවලා ලෙස පිටියට පිවිසි කෙමාර් රෝච් ලකුණු 4කට දැවී ගියා.

එම කඩුලු දෙකම දවා ගැනීමට සමත් වුණේ ස්ටුවට් බ්‍රෝඩ්.

අද දිනට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 137ක් ලබා සිටියා.

කෙසේ වෙතත්, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 197ක් පමණයි.

නායක ජේසන් හෝල්ඩර් ලකුණු 46යි.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 6ක් බිද හෙලුවා.

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 226ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

රොරී බර්න්ස් ලකුණු 90ක් සහ නායක ජෝ රූට් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 369ක්.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට තරගය ජය ගැනීම සදහා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 389ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...