කලිසමේ පැල්ලම නිසා ස්ටොක්ස්ට වුණ දේ

Date:

එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ ඊයේ දිනයේ දී(25) තේ පානය සදහා ලබාගත් විවේකයෙන් අනතුරුව යළි පිටියට පිවිසි එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට සුලු අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවුණා.

ඔහුගේ කලිසමේ පසුපස හටගෙන තිබූ දුඹුරු පැහැති පැල්ලම නිසා තමයි මේ සුලු අකරතැබ්බයට මුහුණ දීමට බෙන් ස්ටෝක්ස්ට සිදුවුණේ.

මෙම හේතුව නිසාම සිය කණ්ඩායමේ නායකයා වන ජෝ රූට් හා සෙසු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම සමච්චලයට ස්ටෝක්ස් ලක්වන ආකාරයක් කැමරා කාචයේ සනිටුහන් වුණා.

පසුව මෙම සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හා විවිධ පාර්ශවවලින් යොමු වූ අවධානය නිසාම සිය නිල ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් බෙන් ස්ටොක්ස් පවසා සිටියේ කෝපි ඉහිරිච්ච යමක් මත අසුන් ගැනීම නිසා එම පැල්ලම ඇතිවී තිබූ බවයි.

එම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශණ පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...