අඛණ්ඩව පන්දු 3කින් තෙවරක් දැවී ගිය පෝප්

Date:

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ්  ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය ඊයේ (25) ආරම්භ කරන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 258 ක් රැස්කරගෙන සිටියා.

ලකුණු 91 ක් රැස්කරගනිමින් සිය දෙවන ටෙස්ට් ශතක ආසන්නයේ සිටි ඕලී පෝප්ව කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකරගන්නට ශැනන් ගේබ්‍රියෙල් සමත්වුණත් එය නිපන්දුවක් වූ බැවින් එය දැවී යාමක් බවට තීන්දු කෙරුණේ නැහැ.

එම පන්දුවාරයේම ඊළඟ පන්දුවේදීම (6 වන පන්දුවේදී) ඔලී පෝප් උඩපන්දුවක් ලබා දුන්නද ස්ලිප් ප්‍රදේශයේ පන්දු රකිමින් සිටි රකීම් කෝන්වෝල් එය රැකගැනීමට සමත් නොවීම විශේෂත්වයක්.

එයින් අධෛර්යමත් නොවන කඩුලු පිපාසයෙන් සිටි ශැනන් ගේබ්‍රියෙල් සිය මීළග පපන්දුවාරයේ යොමුකරන පළමු පන්දුවෙන්ම ඔලී පොප්ගේ කඩුල්ල දවා ගන්නවා.

ඒ අනුව සිය දෙවන ටෙස්ට් ශතකය ආසන්නයේ සිටි ඔලී පෝප් ඉතාමත් අවාසනාවන්ත ලෙස ලකුණු  91 කට දැවී ගියා.

එම අවස්ථාව පහතින් නරඹන්න  –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...