සොලොසානෝ ටෙස්ට් තරගයෙන් ඉවතට; ආදේශක ක්‍රීඩකයා කොදෙව්වන් නම් කරයි

Date:

ශ්‍රී ලංකාව සමග ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් අනතුරකට ලක් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝට (Jeremy Solozano) මෙම තරගයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඔහු වෙනුවට ෂායි හෝප් කණ්ඩායමේ අවසන් 11 දෙනා අතරට ආදේශ කිරීමටයි කොදෙව් කණ්ඩායමේ කළමණාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.

එම ආදේශ කිරීම සදහා තරග තීරක රංජන් මඩුගල්ල මහතා අනුමැතිය ලබා දී තිබෙනවා.

අද දිනයේ දී ජෙරමි සොලොසානෝ ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලය වෙත පැමිණෙන බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ජෙරමි සොලොසානෝ තරගයේ පළමු දිනයේ දී ම අනතුරකට මුහුණ දුන්නේ short leg කලාපයේ පන්දු රකිමින් සිටියදී දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකින් අනතුරුව පන්දුව හිස් ආවරණයේ තදින් ගැටීම හේතුවෙන්.

අනතුරුව ඔහුව ගිලන් රථයක් මගින් රෝහල් ගත කිරීමටයි පියවර ගත්තේ.

සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ ඔහුට අදාළ අනතුරෙන් බරපතල හානියක් සිදුව නොමැති බවයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ යුතු බැවින් ඊයේ රාත්‍රී කාලය ඔහු රෝහල් ගතව සිටියා.

අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වූයේ මෙම තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් ඔහු පසු නොවන බවයි. (concussion හෙවත් කම්පන තත්ත්වයකින් පසුවන බවට අනාවරණය වීම හේතුවෙන්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...