ධනංජයගේ අවාසනාවන්ත හිට් විකට් දැවී යාම

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද(22) ඉතා අවාසනාවන්ත දැවී යාමකට මුහුණ දුන්නා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ඔහු පන්දු 95කින් ලකුණු 61ක් රැස් කළා. ඊට හතරේ පහර 5ක් ද ඇතුළත්.

ඔහු දැවී ගියේ ශැනොන් ගේබ්‍රියල් යොමු කළ පන්දුවක් හමුවේ හිට් විකට් දැවී යාමකට හසු වෙමින්.

පන්දුවට පහර දීමෙන් පසුව පන්දුව තණතීරුවේ වරක් පතිත වී එය කඩුල්ල වෙත ඇදී ගිය බැවින් ධනංජය විසින් පන්දුව කඩුල්ලේ වැදීම වැළැක්වීම සදහා ඊට පහරක් එල්ල කරනු ලැබුවා.

එම අවස්ථාවේ දී යි ඔහුගේ පිත්ත කඩුල්ලේ වැදීමෙන් ධනංජය ද සිල්වාට සිය ඉනිම ලකුණු 61ක්ව තිබියදී අවසන් කිරීමට සිදු වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...