ලකුණු 73ක ජයක් සමගින් ඉන්දියාවට පූර්ණ තරගාවලි ජයක්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව අද(21) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් ඉන්දියාව ලකුණු 73ක ජයක් වාර්තා කරමින්.

කොල්කටාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමට මෙම තරගයේ දී තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 184ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වූ රෝහිට් ෂර්මා ලකුණු 56ක් හා ඉෂාන් කිෂන් ලකුණු 29ක් ලබා ගත්තා.

ෂ්රෙයස් අයියර් ලකුණු 25ක් ද, දීපක් චහාර් නොදැවී ලකුණු 21ක් ද, වෙන්කටේෂ් අයියර් ලකුණු 20ක් ද වාර්තා කළා.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 17.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි.

ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා වූ මාර්ටින් ගප්ටිල් පන්දු 36කින් ලකුණු 51ක් රැස් කළා.

ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 4ක් සමගින්.

සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ අක්සාර් පටෙල් ලකුණු 9කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...