වනිදුගේ සුපිරි පන්දු යැවීම අපතේ යවමින් අබුඩාබි පිලට කඩුලු 4ක තියුණු ජයක්

Date:

අබුඩාබි T10 තරගාවලිය යටතේ අද(21) පැවැති තරගයකදී සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කිරීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා.

අබුඩාබි කණ්ඩායම සමග පැවැති මෙම තරගයේ දී තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට වනිදු සමත් වුවත්, තරගයේ ජය කඩුලු 4කින් හිමි වුණේ අබුඩාබි කණ්ඩායමටයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් පිල කඩුලු 9ක් දැවී ලකුණු 97ක් ලබා ගත්තා.

ඔඩියන් ස්මිත් පන්දු 11කින් ලකුණු 34ක් රැස් කළ අතර, වනිදු හසරංග පන්දු 18කින් ලකුණු 30ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසු වුණා.

හයේ පහරක් හා හතරේ පහර 4ක් වනිදුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ෆිදෙල් එඩ්වර්ඩ්ස් හා නවීන් උල් හක් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අබුඩාබි කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී හයේ පහරක් එල්ල කරමින් ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

ජෙමී ඕවර්ටන් පන්දු 18කින් නොදැවී ලකුණු 33ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග ලකුණු 12ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගැනීම කැපී පෙනුණා. (ඔහු දවා ගත් කඩුලු හතරෙහි දර්ශන නැරඹීමට මෙතන ක්ලික් කරන්න)

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ජෙමී ඕවර්ටන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...