ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 386කට සීමා වෙයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(22).

අද දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම අද දිනයේ දී ලකුණු 386කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා.

සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ලකුණු 147කට දැවී ගියේ ස්ටම්ප් කිරීමකට හසු වීම හේතුවෙන්.

පන්දු 300කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත්.

ධනංජය ද සිල්වා පන්දු 95කින් ලකුණු 61ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස හිට් විකට් දැවී යාමකට ගොදුරු වුණා.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 111ක්.

දිමුත් සමගින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක ද පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 139ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

පැතුම් ලකුණු 56කට දැවී ගිය අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 45කට දැවී ගියේ රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 3කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 3කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 5ක් ද, ජොමෙල් වොරිකන් කඩුලු 3ක් ද දවා ගත්තා.

ඊට අමතරව ශැනොන් ගේබ්‍රියල් ද කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...