අෆ්රිඩිට ජගත් ක්‍රිකට් කවුන්සලය දඩ පනවයි

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිට තරග ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ, බංග්ලාදේශය සමග ඩකා නුවර පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී විනය විරෝධීව කටයුතු කිරීම හේතුවෙන්.

ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.9 වගන්තිය උල්ලංඝනය කරමින් පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

තරගයේ බංග්ලාදේශ ඉනිමේ තෙවැනි පන්දුවාරය ශහීන් අශ්රිඩි විසින් යොමු කළ අතර, එහිදී අෆිෆ් හුසේන් එල්ල කළ පහරකින් පසුව ඔහු වෙත පෙරළා පැමිණි පන්දුව රැක ගෙන යළි පිතිකරණ අන්තයේ කඩුල්ල වෙත අෆ්රිඩි විසින් පන්දුව විසි කරනු ලැබුවා.

ඒ, පිතිකරුවන් ලකුණක් කරා දිව යාමට උත්සාහ කිරීමක් ද සිදු නොකළ අවස්ථාවකයි.

එහිදී අෆ්රිඩි විසින් විසි කරනු ලැබූ පන්දුව අෆිෆ් හුසේන්ගේ පාදයේ වැදීම හේතුවෙන් ඔහු දැඩි වේදනාවකට ද ලක්ව සිටිනු දැක ගත හැකි වුණා.

මෙම සිදු වීම හේතුවෙන් ශහීන් ශාහ් අෆ්රිඩිගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කිරීමට අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා.

AFP / GETTY IMAGES

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...