සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොරෝනා

Date:

අයි.සී.සී කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ දේශය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව එම ක්‍රීඩිකාවන් මේ වන විට හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

සෙසු සියලු ක්‍රීඩිකාවන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායනයට ලක් කර ඇත්තේ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙසයි.

2022 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ලබන 23 වනදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන් යළි වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද ආරම්භ වූ අතර, තරගාවලිය සැලසුම් කළ පරිදි ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...