LPL තරගාවලියේ කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් සමාගමට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට එක් වන කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය Softlogic Holdings සමාගමට හිමිව තිබෙනවා.

ඒ අනුව එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාගේ හිමිකාරීත්වය යටතේ කොළඹ කණ්ඩායම LPL තරගාවලියේ දෙවැනි අදියරට තරග කරනු ඇති.

පළමු අදියරේ දී කලම්බු කිංග්ස් යන නමින් තරග වැදුණු කොළඹ කණ්ඩායම මෙවර ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ඉදිරිපත්ව සිටියේ කලම්බු ස්ටාර්ස් යන නමින්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

  • කලම්බු ස්ටාර්ස් සංචිතය –

ක්‍රිස් ගේල්, දුෂ්මන්ත චමීර, අහමඩ් ශේසාඩ්, ඩිල්ෂාන් මුණවීර, මොහොමඩ් ඉර්ෆාන්, අල් අමීන් හොසේන්, ටස්කින් අහමඩ්, පැතුම් නිස්සංක, ලක්ෂාන් සදකැන්, සීක්කුගේ ප්‍රසන්න, මන්ප්‍රීට් සිං, ගිහාන් රූපසිංහ, ළහිරු ගමගේ, ටී.එම් සම්පත්, නුවනිදු ප්‍රනාන්දු, ජෙහාන් ඩැනියෙල්

අතිරේක ක්‍රීඩකයින් – මළිදු මදුරංග, නලීන් ප්‍රියදර්ශන, හෂාන් දුමිදු, කබිල් රාජ්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...