රහීම් 20යි 20න් විවේක ගන්වයි; වෙනස්කම් 6ක් සමග බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

Date:

පාකිස්තානය සමග ලබන 19 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් අත්දැකීම් බහුල මැදපෙල පිතිකරුවෙකු වන මුෂ්ෆිකර් රහීම් විවේක ගැන්වීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

මහ්මුදුල්ලාහ්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ලිටොන් දාස්, සෞම්‍ය සාකාර් හා රුබෙල් හුසේන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ආබාධ හේතුවෙන් ශකිබ් අල් හසාන්ට හා මොහොමඩ් සයිෆුදීන්ට 20යි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

නජ්මුල් හුසේන් හා අමිනුල් ඉස්ලාම් සංචිතයට යළි කැදවා ඇති අතර, නවක ක්‍රීඩකයින් වන සයිෆ් හසාන්, යසිර් අලී, ශොහිදුල් ඉස්ලාම් හා අක්බර් අලී ද සංචිතයට නම් කර ඇති බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 19 වැනිදා ඩකා හී ආරම්භ වීමට නියමිතයි.

SQUAD:

Mahmudullah (captain), Naim Sheikh, Najmul Hossain Shanto, Afif Hossain, Nurul Hasan Sohan, Shak Mahedi Hasan, Aminul Islam Biplob, Mustafizur Rahman, Shoriful Islam, Taskin Ahmed, Shamim Hossain, Nasum Ahmed, Saif Hassan, Yasir Ali Chowdhury, Shohidul Islam, Akbar Ali

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...