උමාර් ගුල්ට ලංකා ප්‍රිමියර් ලීගයේ ප්‍රධාන වගකීමක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් පත් කර තිබෙනවා.

එම පත් කිරීම තාවකාලිකව සිදු කර ඇති බවයි එම කණ්ඩායමේ කළමණාකරු අසාම් ඛාන් සදහන් කළේ.

පළමු අදියරේ දී එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ මොයීන් ඛාන්.

ඔහුගේ පුහුණුකාරීත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම LPL පළමු අදියරේ දී අනුශූරතාවය ද දිනා ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවය යෙදී ඇති බැවින් මෙවර LPL තරගාවලියට සම්බන්ධ වීමේ අවස්ථාව මොයීන් ඛාන්ට අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට තාවකාලිකව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු උමාර් ගුල් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...