පැය 36ක් දැඩි සත්කාරක ඒකකයේ සිට පැමිණ අවසන් පූර්ව තරගය ක්‍රීඩා කළ රිස්වාන්

Date:

පාකිස්තාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට පෙර රාත්‍රී කාලයන් දෙකක් ඩුබායි නුවර රෝහලක දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලැබූ බව කණ්ඩායමේ වෛද්‍යවරයා පවසනවා.

පැය 36 ක පමණ කාලයක් ඔහු පසුගිය 9 වැනිදා සිට එලෙස දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබා ඇත්තේ පපු ප්‍රදේශයේ ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන්.

කෙසේ වෙතත්, ඊයේ(11) ඔස්ට්‍රේලියාව සමග පැවැති අවසන් පූර්ව තරගයට පෙර සුවය ලැබූ ඔහු එම තරගයේ දී පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීයා බවට ද පත් වුණා.

ඒ, පන්දු 52කින් හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් සමගින් ලකුණු 67ක් වාර්තා කරමින්.

කෙසේ වෙතත්, මෙම තරගයෙන් පාකිස්තානයට කඩුලු 5ක පරාජයක් උරුම වුණා.

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රිස්වාන්ට හා ෂොයිබ් මලික්ට පසුගිය බදාදා පැවැති පුහුණුවීම් සදහා ද සහභාගී වීමට හැකි වූයේ නැහැ.

ඔවුන්ට කොවිඩ් 19 පරීක්ෂණයක් ද සිදු කර තිබූ නමුත්, ඔවුන් දෙදෙනාට එවැනි අවධානමක් නොමැති බව එහිදී හදුනා ගෙන තිබුණා.

කෙසේ වෙතත්, පසුව මොහොමඩ් රිස්වාන් රෝහල් ගත කිරීමටයි පියවර ගෙන තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...