LPL කණ්ඩායම් හිමිකරුවන්ට යැවූ ක්‍රීඩකයින් 10 දෙනාගේ නම් නිවේදනය කෙරේ

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා එක් කණ්ඩායමක සංචිතයකට ඇතුළත් කර ගත හැකි ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 20 සිට 22 දක්වා ඉහළ නැංවීමත් සමග කණ්ඩායම් සදහා අලුතින් තෝරා ගත හැකි ක්‍රීඩකයින් 10 දෙනාගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(12) නිවේදනය කළා.

තරගාවලි සංවිධායකයින් විසින් මෙම තීරණය ඊයේ ගෙන තිබුණේ මෙවර තරගාවලිය වෙනුවෙන් පැවැති ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී (Draft) ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම තෝරා නොගැනීමට කණ්ඩායම් හිමිකරුවන් ගත් තීරණය හේතුවෙන්.

ඒ අනුව එලෙස තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම් කණ්ඩායම් හිමිකරුවන් වෙත යොමු කර ඇති අතර, ඉන් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් වෙත තරගාවලි සංවිධායකයින් යළි අවස්ථාව ලබා දී තිබෙනවා.

ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මිනෝද් භානුක, සධීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන් හා ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින්ගේ නම් මෙලෙස කණ්ඩායම් හිමිකරුවන් වෙත යොමු කර ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අනුපිළිවෙල කණ්ඩායම් හිමිකරුවන් සමග සාකච්ඡා කර ඉදිරියේ දී තීරණය කරනු ඇති.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...