කෝලි පළමු ටෙස්ට් තරගයටත් නැහැ ; ඉන්දීය ටෙස්ට් සංචිතය මෙන්න

Date:

නවසීලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද(12) ප්‍රකාශයට පත් කෙරුණා.

පළමු ටෙස්ට් තරගයේ දී කණ්ඩායමේ නායකයා ලෙස අජින්කෙයා රහානේ කටයුතු කරන්නේ නිත්‍ය නායක විරාට් කෝලි එම තරගයෙන් විවේක ගන්වා ඇති බැවින්.

කෙසේ වෙතත්, දෙවැනි තරගයේ දී කණ්ඩායමේ නායකයා ලෙස විරාට් කෝලි කටයුතු කරන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළා.

රෝහිට් ෂර්මා, ජස්ප්‍රිට් බුම්රා, රිෂාබ් පාන්ට් හා මොහොමඩ් ෂාමි යන ක්‍රීඩකයින් ද ටෙස්ට් තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ලබන 25 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඊට පෙර දෙරට අතර 20යි 20 තරග 3ක් ද පැවැත්වීමට නියමිත අතර, ඒ සදහා වන ඉන්දීය සංචිතය මීට පෙර නිවේදනය කෙරුණා.

එම තරගාවලියෙන් ද විරාට් කෝලි විවේක ගැන්වීමටයි තේරීම් කමිටුව පියවර ගත්තේ.

India’s Test squad:

Ajinkya Rahane (C), KL Rahul, Mayank Agarwal, Cheteshwar Pujara (vc), Shubman Gill, Shreyas Iyer, Wriddhiman Saha (wk), KS Bharat (wk), Ravindra Jadeja, R. Ashwin, Axar Patel, Jayant Yadav, Ishant Sharma, Umesh Yadav, Md. Siraj, Prasidh Krishna

(Virat Kohli will join the squad for the second Test and will lead the team.)

25th Nov 2021 – 1st Test – Kanpur

3rd Dec 2021 – 2nd Test – Mumbai

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...