සුපිරි නවසීලන්ත පිතිකරුවාට අවසන් මහා තරගය අහිමි වෙයි

Date:

නවසීලන්ත කණ්ඩායමේ මැදපෙල පිතිකරු ඩෙවෝන් කොන්වේට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, පසුගිය 10 වැනිදා එංගලන්තය සමග පැවැති පළමු අවසන් පූර්ව තරගයේ දී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.

ඩෙවෝන් කොන්වේ එම තරගයේ දී දැවී යාමෙන් අනතුරුව කෝපයට පත් වී සිය පිත්තට දකුණු අතෙන් පහරක් එල්ල කළ අතර, එහිදී ඔහුගේ දකුණු අතෙහි මෙම ආබාධය සිදුව ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා. (දර්ශන පහතින්)

ඉන්දියාව සමග ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත 20යි 20 තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව මෙම ආබාධය නිසා ඔහුට අහිමි වී තිබෙනවා.

කොන්වේ මෙවර තරගාවලියේ දී තරග 6ක් ක්‍රීඩා කළ අතර, එහිදී ලකුණු 129ක් වාර්තා කළේ 108.40ක ප්‍රහාරාත්මක වේගයක් රදවා ගනිමින්.

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන 14 වැනිදා නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...