මහරාජ්ගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකා සංචිතයට වෙනස්කම් රැසක්

Date:

නෙදර්ලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.

20යි 20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අතරට නායක ටෙම්බා බවුමා ද අයත්.

ඒ අනුව අදාළ තරගාවලියේ දී දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ කේෂාව් මහරාජ්.

ක්වෙන්ටන් ඩී කොක්, Bjorn Fortuin, හෙන්රිච් ක්ලාසීන්, ඒඩ්න් මාක්‍රම්, වියාන් මෝල්ඩර්, අන්රිච් නොකියා, කාගිසෝ රබාඩා හා රසී වැන් ඩර් ඩුසේන් යන ක්‍රීඩකයින් ද තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

මහරාජ්ට අමතරව ලෝක කුසලානයට එක් වූ ක්‍රීඩකයින් අතරින් නෙදර්ලන්ත තරගාවලිය සදහා ද නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ රීසා හෙන්ඩ්‍රික්ස්, ඩේවිඩ් මිලර්, ලුන්ගි එන්ගිඩී, ඩ්වේයන් ප්‍රෙටෝරියස් හා ටැබ්රයිස් ශම්සි.

ශ්‍රී ලංකාවට එරෙහිව නිමා වූ එක්දින තරගාවලිය වෙනුවෙන් වූ දකුණු අප්‍රිකා සංචිතයට ඇතුළත්ව සිටි ජූනියර් දලා, බෙයුරන් හෙන්ඩ්‍රික්ස්, ජෝර්ජ් ලින්ඩේ යන ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ දී නෙදර්ලන්ත කණ්ඩායම ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන මෙම එක්දින තරගාවලිය ලබන 26 වනදා සෙන්චූරියන් හී දී ආරම්භ වීමට නියමිතයි.

South Africa squad:

Keshav Maharaj (c), Daryn Dupavillon, Zubayr Hamza, Reeza Hendricks, Sisanda Magala, Janneman Malan, David Miller, Lungi Ngidi, Dwaine Pretorius, Andile Phehlukwayo, Wayne Parnell, Ryan Rickelton, Tabraiz Shamsi, Kyle Verreynne, Lizaad Williams, Khaya Zondo.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...