ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 6ක පරාජයක්

Date:

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට සංචාරක පාකිස්තාන A (Pakistan Shaheens) කණ්ඩායම අද(11) සමත් වුණා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා A පිතිකරුවන්ට පාකිස්තාන පන්දු යවන්නන්ගෙන් දැඩි අභියෝගයක් එල්ල වූ අතර, එහි ප්‍රතිපලය වශයෙන් ශ්‍රී ලංකා A ඉනිම පන්දුවාර 32.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 102කට සීමා වුණා.

ආරම්භක පිතිකවරුන් වූ ළහිරු උදාර හා ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු නොලබා දැවී ගිය අතර, සධීර සමරවික්‍රම එක් ලකුණකටත්, අශේන් බණ්ඩාර ලකුණු 6කටත් දැවී ගියා.

නායක කමිදු මෙන්ඩිස් පන්දු 51කින් ලකුණු 34ක් ද, සහන් ආරච්චිගේ පන්දු 53කින් ලකුණු 23ක් ද රැස් කළා.

කලන පෙරේරා ලකුණු 12යි.

පන්දු යැවීමේ දී පාකිස්තාන A කණ්ඩායම වෙනුවෙන් අබ්බාස් අෆ්රිඩි ලකුණු 30කට කඩුලු 4ක් බිද හෙලූ අතර, කුරාම් ෂහ්සාඩ් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත්තා. නසීම් ශාහ් ලකුණු 26කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 21.2ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 103ක් ලබා ජයග්‍රහනය වාර්තා කළා.

Omair Yousuf ලකුණු 38ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී අශේන් ඩැනියල් කඩුලු 2ක් ද, පුලින තරංග හා ළහිරු සමරකෝන් එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...