අවසන් පූර්ව තරගය අභියසදී පාකිස්තාන ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකුට උණ

Date:

පාකිස්තාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන්ට හා මැදපෙල පිතිකරු ෂොයිබ් මලික්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(11) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනා උණ රෝගී තත්ත්වයකින් පසු වන බැවින්.

ඒ හේතුවෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා ඊයේ(10) දිනයේ දී පුහුණුවීම් කටයුතු සදහා ද සහභාගී වී නැහැ.

ක්‍රීඩකයින් දෙදෙනාටම කොවිඩ් 19 පරීක්ෂණයක් ද සිදු කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාටම එවැනි අවධානම් තත්ත්වයක් නොමැති බවයි.

සෙසු පාකිස්තාන ක්‍රීඩකයින් ද මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී මෙතෙක් සිදු කර ඇති කොවිඩ් 19 පරීක්ෂණවලින් සමත්ව තිබෙනවා.

මොහොමඩ් රිස්වාන් හා ෂොයිබ් මලික් මෙම තරගාවලියේ දී මේ දක්වා ඉහළ දක්ෂතා දැක් වීමට සමත්ව ඇති බැවින් ඔවුන් දෙදෙනාට අද තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් එය පාකිස්තාන කණ්ඩායමට දැඩි අවාසි සහගත තත්ත්වයක් වනු ඇති.

රිස්වාන්ට හා මලික්ට ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත්, සර්ෆ්‍රාස් අහ්මඩ් හා හෙයිදර් අලී පාකිස්තාන කණ්ඩායමට ආදේශ කිරීමට ඉඩ තිබෙනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...