එංගලන්තය හා පාකිස්තානය අතර 20යි 20 තරග 7ක්

Date:

එළඹෙන වසරේ පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ දී දෙරට අතර අමතර 20යි 20 තරග දෙකක් ද පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් ආයතන අතර එකගතාවයකට එළඹ තිබෙනවා.

ඒ, එංගලන්ත හා වෙල්ස් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ටොම් හැරිසන් හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජා අතර පැවැති සාකච්ඡාවකින් පසුවයි.

2022 වසරේ සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී මෙම තරග සංචාරය සිදු කෙරෙන අතර, මීට පෙර අදාළ සංචාරයේ දී කණ්ඩායම් දෙක අතර 20ය 20 තරග 5ක් පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

ඒ අනුව අමතර 20යි 20 තරග දෙකක් ද එක් කිරීමත් සමග සමස්ත තරගාවලියට 20යි 20 තරග 7ක් ඇතුළත් වනවා.

ලබන වසරේ දී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම යළිත් පාකිස්තාන සංචාරයක නිරත වන්නේ තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සදහායි.

එම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් තරගාවලියක්.

නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී එම ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුක් පවතින බව පවසා පසුගිය සැප්තැම්බර් මාසයේ දී නවසීලන්තය විසින් පාකිස්තාන තරග සංචාරය අවසන් මොහොතේ අවලංගු කර එරටින් පිටත්ව යාමට කටයුතු කළ අතර, අනතුරුව එංගලන්තය ද සිය පාකිස්තාන සංචාරය අවලංගු කිරීමට කටයුතු කළ පසුබිමකයි 2022 තරග සංචාරය සම්බන්ධයෙන් මෙලෙස ධනාත්මක සාකච්ඡාවක් සිදු වුණේ.

මෙම වසරේ සිදු කිරීමට නියමිතව තිබූ එම තරග සංචාරයේ දී පාකිස්තානය හා එංගලන්තය අතර 20යි 20 තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...