බංග්ලාදේශයට එරෙහි T20 තරගාවලියෙන් හෆීස් ඉවත් වෙයි ; ඉෆ්ටිකාර්ට කැදවීමක්

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

ඒ සදහා ඉෆ්ටිකාර් අහ්මඩ් කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා එක්ව සිටින ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයට අයත් ක්‍රීඩකයින් 17 දෙනෙකුම මෙම තරගාවලිය වෙනුවෙන් ද නම් කර තිබෙනවා.

ලෝක කුසලානයට ඇතුළත්ව සිටින මොහොමඩ් හෆීස් බංග්ලාදේශයට එරෙහි තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තිරණය කර ඇත්තේ තරුණ ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබා දීමේ අරමුණින්.

තරගාවලිය ලබන 19 වැනිදා ඩකාහී දී ආරම්භ වීමට නියමිතයි.

ලබන 26 වනදා ආරම්භ වන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය ඉදිරියේ දී නම් කරනු ඇති.

Pakistan squad:

Babar Azam (c), Shadab Khan (vc), Asif Ali, Fakhar Zaman, Haider Ali , Haris Rauf, Hasan Ali, Iftikhar Ahmed, Imad Wasim, Khushdil Shah, Mohammad Nawaz, Mohammad Rizwan (wk), Mohammad Wasim Jnr, Sarfaraz Ahmed (wk), Shaheen Shah Afridi, Shahnawaz Dahani, Shoaib Malik, Usman Qadir

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...