නවසීලන්ත – ඇෆ්ඝනිස්තාන තරගයට පෙර අබුඩාබි තණතීරු සකසන්නා මරුට

Date:

අබුඩාබි Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු භාරකරු මොහාන් සිං මිය ගොස් තිබෙනවා.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය හා ඇෆ්ඝනිස්තානය අතර අද(7) පස්වරුවේ ආරම්භ වූ තරගයට පෙර ඔහු මෙලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නවාතැන් ගෙන සිටි කාමරයේ දී ම මොහාන් සිං මිය ගොස් ඇති බව සදහන්.

නවසීලන්ත – ඇෆ්ඝනිස්තාන තරගයේ තණතීරු භාරකරු වූයේ ද ඔහුයි.

මොහාන් සිං 2004 වසරේ දී අබුඩාබි වෙත පැමිණ තිබුණේ ඉන්දියාවේ පංජාබ් ක්‍රීඩාංගනයේ දී තණතීරු භාරකරුවෙකු වශයෙන් ලැබූ පුහුණුවෙන් පසුවයි.

ඔහු 1994 වසරේ සිට පංජාබ් ක්‍රීඩාංගනයේ සේවය කර තිබුණා.

ඉන්දියාවට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් අද පැවැත්වෙන තරගයෙන් ඇෆ්ඝනිස්තානය ජය ගැනීම අනිවාර්යයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...